චීන ජනපති Jiangxi පළාතේ හරිත සංවර්ධනය හා සංස්කෘතික පුනර්ජීවයේ වැදගත්කම පෙන්වා දෙයි
2023-10-14 14:47:41
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා සිට 13 වැනිදා දක්වා Jiangxi පළාතේ නිරීක්ෂණ චාරිකාවට එක් විය. එම සංචාරය අතරතුර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ යැංසි ගංගා ආර්ථික තීරයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉදිරියට ගෙන යමින් චීන මාදිලියේ නවීකරණයට මනා පිටුබලයක් සපයන ලෙස යි. 

Jiangxi පළාත චීන මහ ගොඩබිමේ අග්නිදිග කලාපයේ, යැංසි ගංගාවේ මැද හා පහළ ඉවුරේ දකුණු කොටසේ පිහිටා ඇත. එය රටේ නැගෙනහිර, බටහිර හා මධ්‍යම කලාපයන් යා කරන මෙන්ම යැංසි ගංගා ආර්ථික කලාපයට අයත් වැදගත් පළාතකි. මෙවර Jiangxi පළාතේ කළ සංචාරයේ දී ජෛව පරිසර සුරැකීම හා හරිත සංවර්ධනය ෂී ජින්පිං මහතාගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. යැංසි ගංගාශ්‍රිත ප්‍රදේශයේ ජෛව පරිසර පුනරුත්ථාපනය, රසායනික හා ඛනිජ ව්‍යාපාර හරිත සංවර්ධනය කරා පරිවර්තනය කිරීම කෙරේ ඔහු වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඒ හේතුවෙනි. මීට අමතරව, යැංසි ගංගාශ්‍රිත පළාත් ඒකාබද්ධ සම්බන්ධීකරණයෙන් සංවර්ධනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. ඒ අනුව, අන්තර් පළාත් අදහස් හුවමාරු පුළුල් කිරීම, ජෛව පරිසරය පිළිබඳ පොදු පාලනය ශක්තිමත් කිරීම යනාදිය මගින්, පොදු ජෛව ප්‍රජාවක් හා පොදු ප්‍රතිලාභ ගොඩනගමින් කලාපීය පොදු සංවර්ධනය ඉදිරියට මෙහෙයවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. යැංසි ගංගා ආර්ථික තීරය, අදාළ ප්‍රදේශවල දැඩි සම්බන්ධීකරණයෙන් හා ඉහළ සංවර්ධන කාර්යක්ෂමතාවෙන් යුතු ආර්ථික ඒකකයක් බවට පත්කිරීම මෙහි අරමුණ බව ද ඔහු අවධාරණය කර ඇත.

සංස්කෘතික සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය ෂී ජින්පිං මහතාගේ මෙවර Jiangxi සංචාරයේ තවත් වැදගත් කොටසක් විය. යැංසි ගංගාශ්‍රිත ප්‍රදේශයට ආවේණික සංස්කෘතිය ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීම, යැංසි ආර්ථික තීරය නැංවීමේ වැදගත් අංගයක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම