ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාව එක්සත් ජාතීන් සම්මත කරයි
2023-10-13 08:59:10
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වන සැසිවාරය අසමානතාවය තුරන් කිරීමේ සන්දර්භය තුළ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාව සම්මත කරයි. චීනය, බොලිවියාව, ඊජිප්තුව, පාකිස්ථානය හා දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් විසින් එම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙම යෝජනාවට සංවර්ධනය වෙමින් පවතින රටවලින් පුළුල් සහයෝගයක් ලැබුණු අතර රටවල් 80 ක් සම අනුග්‍රාහකයන් ලෙස එක් විය.

මෙම යෝජනාව දෘෂ්ඨිවාදාත්මක වෙනස්කම් සමනය කිරීම, ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම සහ ප්‍රයෝජනවත් යාන්ත්‍රණයන් පිහිටුවීම අරමුණු කරයි. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ,තානාපති Chen Xu මහතා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්පත හඳුන්වා දුන්නේය. එහි පළමුවැන්න අසමානතාවය සහ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සියලු පාර්ශ්ව අතර සම්මුතිය ප්‍රවර්ධනය කිරීමයි. දෙවැනි කරුණ ලෙසට  ධාරිතා වර්ධනය තුළින් ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධව යහපත් ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටින අතර, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටීම ද ඊ‍ට අයත් වෙයි. තෙවැන්න නම් රටවල්වලට එක හා සමානව අදහස් හුවමාරු කර ගැනීමටත් අදාළ කරුණු සම්බන්ධයෙන් එකිනෙකාගෙන් ඉගෙන ගැනීමටත් වේදිකාවක් සැපයීම සඳහා ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ දැනුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම