බංග්ලාදේශයේ Padma පාලම ඒකාබද්ධ දුම්රිය මාර්ගයේ මුල් අදියර ජනතා අයිතියට
2023-10-13 19:23:34
Share with:

බංග්ලාදේශයේ Padma පාලම සහිත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ මුල් අදියර විවෘත කෙරේ.

දුම්රිය මාර්ගය ඉකුත් 10 වැනිදා ජනතා අයිතියට පැවරීම පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ යටිතල පහසුකම් එකිනෙක සම්බන්ධ කිරීම “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ සම ඉදිකිරීම්වල ප්‍රමුඛතා ලක්ෂණය බවයි. මෙම දුම්රිය මාර්ගය එහි සන්ධිස්ථානගත ව්‍යාපෘතියක් බව ද හෙතෙම කියාසිටියේ අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දුම්රියෙන් Padma ගඟ තරණය කිරීමේ බංග්ලාදේශ ජනතාවගේ සිහිනය මෙහිදී සැබෑ වනු ඇතැයි ද හෙතෙම පැවසීය. එය කෝටි 8 කට අධික ජනතාවකට ඍජු ප්‍රතිලාභ හිමිකර දෙන අතර, 1.5% ක ආර්ථික වර්ධනයක් ලබාදෙනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. චීනයෙන් ආරම්භ වන “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සමස්ත ‍ලෝකයටම ප්‍රතිලාභ රැගෙන එනු ඇතැයි ද Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම