චීන-බංග්ලාදේශ සුළං බලශක්ති ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රගතියක්
2023-10-13 11:12:16
Share with:

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ චීන-බංග්ලාදේශ බලශක්ති සහයෝගිතාවේ වැදගත් ව්‍යාපෘතියක් වන Cox's Bazar සුළං බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

එය චීනය බංග්ලාදේශයේදී ආයෝජන, ඉදිකිරීම් සහ ක්‍රියාත්මක කිරීම් ඒකාබද්ධ කරන හරිත බලශක්ති ව්‍යාපෘතියකි. බංග්ලාදේශයේ පළමු මධ්‍යගත සුළං බලශක්ති ව්‍යාපෘතිය ද මෙයයි.

අග්නිදිග බංග්ලාදේශයේ Cox's Bazar නගරයේ පිහිටා ඇති එම ව්‍යාපෘතිය 2021 සැප්තැම්බර් මාසයේදී ඉදිකිරීම් ආරම්භ කෙරිණ. එය නිල වශයෙන් විදුලිබල පද්ධතියට සම්බන්ධ කර විදුලිය නිපදවීමෙන් පසු සෑම වසරකම පවුල් ලක්ෂයක විදුලි අවශ්‍යතා සපුරාලිය හැකිය.

බංග්ලාදේශයේ සුළං බල ඉදිකිරීම් අඩු සුළං වේගය, දුර්වල භූ විද්‍යාත්මක පදනම සහ අපහසු ඉදිකිරීම් වැනි ගැටළු වලට මුහුණ දෙයි. එහෙත් චීන ඉදිකිරීම් කණ්ඩායම Cox's Bazar සුළං බලශක්ති ව්‍යාපෘතියේ තාක්ෂණික ගැටළු මාලාවක් ජයගෙන චීන විසඳුම් භාවිත කොට ප්‍රාදේශීය සුළං බලශක්ති ඉදිකිරීම්හි ප්‍රගතියක් ලබා ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම