ඉන්දියන් සාගර කලාපීය රටවලට නැගී එන ලෝක ආර්ථිකයේ පුළුල් භූමිකාවක් පැවරී ඇතැයි ජනපති කියාසිටී
2023-10-13 18:43:44
Share with:

අතීතයේ සිට ලොව සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවල්වලට නැඟී එන ලෝක ආර්ථිකයේ පුළුල් භූමිකාවක් පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එසේම සංස්කෘතික හා වෙළෙඳ අංශවලින් එකිනෙකට බැඳුනු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගිතාව කිසිවකුට විනාශ කළ නොහැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවති "ගාලු කතිකාව 2023 - ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව " අමතමිනි. "ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙළ" කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11 ක සහ රටවල් 44 ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව 12,13 දෙදින පැවැත්වෙයි. 

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති යුද්ධය අවසන් වූ පසු එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමඟ බෙදාගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු "ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව" මෙම වසරේ දී පවත්වනු ලබන්නේ 11 වැනි වතාවටය. කලාපීය සහ ගෝලීය නායකයන් එකම වේදිකාවක හමු වී නාවික, පාරිසරික , සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවක් ඇතිකිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කරමින් ඊට විසදුම් සොයාගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම