චීන ආධාර යටතේ භූමිතෙල් සහනාධාර බෙදාදීම ඇරඹෙයි
2023-10-13 18:38:39
Share with:

චීන මහජන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ භූමිතෙල් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේ දී ඇරඹේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් භූමිතෙල් බෙදාදීම ඊයේ (12) සිදුකෙරිණ.

මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න පිරිසකට හිමි වනු ඇත. ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක් නොමිලේ ලබා ගත හැකිය.

මෙහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, චීන රජයෙන් පිරිනැමුණු මෙම සහනාධාරය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ එක්ව වඩාත් ඵලදායී ලෙස බෙදාදීමට කටයුතු කළ බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චීන රජය වෙත විශේෂ ස්තුතියක් පිරිනැමීය. ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාවය පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කිරීමට පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම