මැද පෙරදිග රටවල් පලස්තීන-ඊශ්‍රායල ගැටුම නිරාකරණය සඳහා උත්සාහයක
2023-10-13 10:33:37
Share with:

මැද පෙරදිග රටවල් පලස්තීන-ඊශ්‍රායල ගැටුම නිරාකරණය සඳහා උත්සාහ දරයි.

ඉරාක අග්‍රාමාත්‍ය Mohammed Shia' al-Sudani ඊයේ (12) සංචාරයක් සඳහා පැමිණි ඉරාන විදේශ ඇමති Hossein Amir-Abdollahian  සමග සාකච්ඡා පැවැත්වීය. පලස්තීන ජනතාවගේ නිත්‍යනුකූල අයිතීන් රැකගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඉරාක අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ වෙනුවෙන් ජගත් ප්‍රජාව පියවර ගත යුතු බවයි. පලස්තීන-ඊශ්‍රායල ගැටුම නිරාකරණය ‍කිරීමේදී ඉරාකය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව එහිදී ඉරාන විදේශ ඇමතිවරයා පැවසීය.

එදිනම ඉරාක රජය ප්‍රකාශ කළේ ඉරාකය ඊජිප්තුව හරහා ගාසා තීරයේ රැඳී සිටින පලස්තීන ජනතාව වෙනුවෙන් වෛද්‍ය උපකරණ ඇතුළු හදිසි මානුෂීය ආධාර ලබා දීමට කටයුතු කරන බවයි.

‍මේ අතර, තුර්කි විදේශ අමාත්‍යවරයා අද (13) සහ හෙට (14) ඊජිප්තුවේ සංචාරයක නිරත වන බව තුර්කි විදේශ අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ ය. වත්මන් පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණක් බව තුර්කි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම