ඊශ්‍රායල පලස්තීන ගැටුම්වලින් බරපතල ජීවිත හානි
2023-10-12 10:38:37
Share with:

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසු, දෙපාර්ශවයේම පුද්ගලයෝ 2,200 ක් පමණ මිය ගොස් 8,000 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති.. ඊශ්‍රායල හමුදාව සහ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (11) නිකුත් කළ තොරතුරු මගින් මේ බව හෙළිවෙයි.

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා පසුගිය 10වැනිදා ධවල මන්දිරයේ දී  කථාවක් කරමින් ඇමරිකාව ඊශ්‍රායලයට පතොරම් සහ ප්‍රති මිසයිල පද්ධති වැනි අමතර ආරක්ෂක සහාය කඩිනමින් ලබා දෙන බව ප්‍රකාශ කළේය.මේ අතර ගැටුම් නරතර කර දෙපාර්ශ්වයේම සිවිල් වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊජිප්තුවව සියලු පාර්ශ්ව සමඟ සම්බන්ධීරකරණ පවත්වමින් සිටින බව ඊජිප්තු ජනාධිපති Abdel Fattah el-Sisi මහතා පසුගිය 10 වැනිදා ප්‍රකාශ කළේය. පලස්තීන ජනතාවගේ නීත්‍යනුකූල අයිතීන් සහ ස්ථීර සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා සෞදි අරාබිය පසුගිය 10 වැනිදා සිය සහය පළ කළේය. ජෝර්දානයේ රාජකීය මාලිගය පසුගිය 10 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊජිප්තුව සහ ගාසා තීරය අතර හරස් මාර්ගය හරහා ගාසා වෙත වෛද්‍ය සහ මානුෂීය ආධාර ලබා දීමට ජෝර්දානය කටයුතු කරන බවයි. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා Ali Khamenei මහතා ඊශ්‍රායලයට එරෙහි හමාස් සංවිධානයේ  හමුදා මෙහෙයුම් පිටුපස සිටින "මහ මොළකරු" ඉරානය බවට සිදු කර ඇති පදනම් විරහිත ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය. මීට පෙර ඉරානය පලස්තීන ජාතියේ නීත්‍යනුකූල ආරක්ෂාව සඳහා සහාය පළ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම