එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඒකාබද්ධ ආර්ථික කවුන්සිලයක්
2023-10-12 17:23:45
Share with:

වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඒකාබද්ධ ආර්ථික කවුන්සිලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික හා වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  Ahmed bin Ali Sayegh මහතා ඊයේ (11) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

වෙළෙඳ, බලශක්ති, සත්කාරක සහ සංචාරක ක්ෂේත්‍රවල මෙන්ම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ආයෝජන ඉහළ නැංවීම, ආර්ථික සබඳතා වර්ධනය කිරීම, ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම අවසන් කිරීම සඳහා නිල සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍යවරයා එකඟ විය. 

අපනයනය සඳහා ආහාර බෝග නිෂ්පාදනයට නව ආර්ථික කලාප පිහිටුවා ඇති බැවින් කෘෂිකර්මාන්තය වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට අවස්ථාව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ලක්ෂ තුනකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් හෙතෙම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තුතිය පළ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම