තාක්ෂණික හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යෑමට සක්‍රියව දායකවන්නැයි ජනපති පෞද්ගලික අංශයට කියයි
2023-10-12 17:24:29
Share with:

තාක්ෂණික හා හරිත ආර්ථිකයක් කරා රට ගෙනයෑමේ වැඩපිළිවෙළ සමඟ සක්‍රියව එක්වන ලෙස පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (11) පෙරවරුවේ එක්වෙමිනි. රටේ අනාගතය පවතින්නේ තාක්ෂණ සහ හරිත ක්ෂේත්‍ර යන අංශ දෙක තුළ බවත්, එමනිසා අප ඒ සඳහා ඇතුළත් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය ආරම්භ කරමින් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 11,12 සහ 13 දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වේ.

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර, තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම වෙනුවෙන් නව තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා ලබාදීම මෙහි අරමුණයි.

පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවල සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන්ම ව්‍යවසායකයන් දැනුවත් කිරීම මෙමගින් සිදුකෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම