දේශසීමා ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට චීන-ඉන්දියා දෙපාර්ශ්වයේ එකඟතාව
2023-10-12 10:33:02
Share with:

චීනය හා ඉන්දියාව අතර 20 වැනි හමුදා සේනාංකාධිපති මට්ටමේ සාකච්ඡාව Moldo/Chushul රැස්වීමේ මධ්‍යස්ථානයේ ඉන්දියානු පාර්ශ්වයේ දී පසුගිය 9 සහ 10 යන දෙදින පැවැත්විණ. චීන ඉන්දීය දේශසීමා ප්‍රදේශයේ බටහිර කොටස සම්බන්ධ ප්‍රශ්නය දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආකාරයෙන් කඩිනමින් විසඳීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. හමුදා හා රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සංවාද පැවැත්වීමට හා අනෙකුත් ප්‍රශ්න කඩිනමින් විසඳා ගැනීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළේය. එම කාලය තුළ දේශසීමා ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම