චීනය හා උතුරු මැසිඩෝනියා ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට තිස් වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරු සුබ පැතුම් පණිවිඩ හුවමාරු කරති
2023-10-12 15:51:07
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ උතුරු මැසිඩෝනියා ජනරජයේ ජනාධිපති Stevo Pendarovski මහතා, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් අද (12) සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ඇත.

ෂී ජින් පිං මහතා මෙහිදී සඳහන් කළේ, චීනය හා උතුරු මැසිඩෝනියා ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගෙවී ගිය දශක තුන තුළ, දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය මැනවින් සංවර්ධනය වෙමින් පවතින බවයි. යටිතල පහසුකම් ගොඩනැගීම, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යයන සහ සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රවලින් දෙරට ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත. ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 30ක් පිරීම නව ආරම්භයක් ලෙස ගෙන, Stevo Pendarovski මහතා සමඟ දෙරට අතර සබඳතා සඳහා දීප්තිමත් අනාගතයක් ස්ථාපිත කිරීමට තමා කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

Stevo Pendarovski මහතා පෙන්වා දුන්නේ, ගෙවුණු වසර 30 තුළ, දෙපාර්ශ්වයම එකිනෙකාගේ සංවර්ධන උපායමාර්ගික තේරීම්වලට ගරු කරමින් විවිධ ක්ෂේත්‍රවල වඩ වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කරන බවයි. චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කරමින්, පොදු සංවර්ධනය සහතික කිරීමට උතුරු මැසිඩෝනියා ජනරජය සූදානමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම