පලස්තීනයේ ගැටලුකාරී තත්ත්වය සමනය කිරීමට චීනයෙන් සහාය
2023-10-12 11:21:19
Share with:

මැදපෙරදිග ගැටළු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Zhai Jun මහතා පලස්තීන-ඊශ්‍රායල අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පලස්තීන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය Jadot මහතා සමග ඊයේ(11) දුරකථන සාකච්ඡාවක් පැවැත්විණ.

පලස්තීනයේ ආරක්ෂාව හා මානුෂීය තත්ත්වය කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කරන බවත් සටන් විරාමයකට එළඹෙමින්  සාමාන්‍ය ජනතාවට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම වත්මන් අවශ්‍යතාව බවත් Zhai Jun මහතා එහිදී සඳහන් කළේ ය. ‘ද්වි-රාජ්‍ය විසඳුම’ මත පදනම් ව ස්වාධීන පලස්තීනයක් ගොඩනඟමින් පලස්තීනයේ හා ඊශ්‍රායලයේ සාමකාමී වාතාවරණයක් ඇති කළ යුතු බව ද හෙතෙම අවධාරණය කර ඇත. ඒ සඳහා අදාළ පාර්ශ්වයන් සාකච්ඡාවලට යොමු කිරීමටත් පලස්තීන ගැටලුව නිසි අයුරින් නිරාකරණය කර ගැනීමටත් චීනය සිය කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බව ද ඔහු පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ පලස්තීන ගැටලුව කෙරෙහි සාධාරණ ස්ථාවරයක කටයුතු කරන චීනයට Jadot මහතා සිය ස්තූතිය පළ කළේ ය. එමෙන්ම වත්මන් තත්ත්වයන් යටතේ වුවද චීනයට සංවර්ධනාත්මක කාර්යභාරය ඉටු කළ හැකි වනු ඇතැයි පලස්තීන අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටියේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම