ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
2023-10-12 17:22:50
Share with:

 

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. එම හමුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) සිදුවිය.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර, දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට ද මෙහිදී එළඹිණ. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර ද මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම