ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත බලාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2023-10-11 16:50:23
Share with:

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත බලාත්මක කිරීමට අදාළ පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි. 9 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම අනුමැතිය ලබා දී තිබේ.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනය කර ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත බලාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට මීට පෙර උපදෙස් ලබා දී තිබිණ.

නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම