චීනයේ විශේෂ නියෝජිතයෙක් ඊජිප්තු විදේශ අමාත්‍යාංශයේ පලස්තීන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරයා සමඟ දුරකථන සංවාදයක
2023-10-11 10:47:30
Share with:

චීන රජයේ මැදපෙරදිග ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිත Zhai Jun මහතා, ඊජිප්තු විදේශ අමාත්‍යාංශයේ පලස්තීන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරයා සමඟ පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය සම්බන්ධ දුරකථන සාකච්ඡාවක් පැවැත්වේ. එම සාකච්ඡාව ඊයේ(10) පැවැත්විණ.

Zhai Jun මහතා එහිදී පෙන්වා දුන්නේ, සිවිල් වැසියන්ට හානි පමුණුවන ක්‍රියාවන් කෙරෙහි චීනය හෙළා දකිමින් විරුද්ධ වන අතර වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින බවයි. ගැටුම්කාරී පාර්ශ්වයන් අතර සටන් විරාමයක් සහ ප්‍රචණ්ඩත්වය හැකි ඉක්මනින් අවසන් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ඊජිප්තුව සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය පවත්වා ගැනීමට චීනය කැමැත්තෙන් සිටී. පලස්තීනයේ, විශේෂයෙන්ම ගාසා තීරයේ මානුෂීය අර්බුදය වඩාත් නරක අතට හැරීම වැළැක්වීම සඳහා, පලස්තීන ජනතාවට මානුෂීය සහය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව, Zhai Jun මහතා සඳහන් කළේ ය.

පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ දිගුකාලීන සහ සාධාරණ ස්ථාවරය, ඊජිප්තු විදේශ අමාත්‍යාංශයේ පලස්තීන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරයා බෙහෙවින් අගය කළේය. අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සහ "ද්වි-රාජ්‍ය විසඳුම" මත පදනම්ව පලස්තීන ප්‍රශ්නයට පුළුල් හා සාධාරණ විසඳුමක් ප්‍රවර්ධනය කළ යුතු බව, සහකාර අමාත්‍යවරයා අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම