එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව සමග ඵලදායී ප්‍රතිඵල අත්කරගෙන ඇති බව ශ්‍රී ලංකා‍වේ චීන තානාපතිවරයා පවසයි
2023-10-11 14:32:47
Share with:

චීනය හා ශ්‍රී ලංකාව“‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ ජයග්‍රහණ හා අපේක්ෂාවන්”යන මැයෙන් යුත් වැඩමුළුව සාර්ථකව පැවැත්වේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආසියා ප්‍රගති සංසදය එක්ව එය සංවිධාන කරන ලදි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන්, මාධ්‍ය සහ කර්මාන්ත සංගම්වල නියෝජිතයන් ඇතුළු 90 කට වැඩි පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමට සහභාගී වූ පළමු රටවල් අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව, ගෙවී ගිය වසර 10 තුළ චීනය සමඟ එම වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ ඵලදායි ප්‍රතිඵල අත්කරගෙන ඇති බව ශ්‍රී ලංකා චීන තානාපති Qi Zhenhong මහතා එහිදී දේශනයක් පවත්වමින් පැවසීය. හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ඇතුළු ප්‍රධාන සහයෝගීතා ව්‍යාපෘති මාලාවක් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් පවතින බවත් එය ශ්‍රී ලංකාවට "දරිද්‍රතා උගුලෙන්" සහ "සංවර්ධනය  නොවන උගුලෙන්" මිදීමට ප්‍රබල ශක්තියක් සපයා දී ඇති තිබෙන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

චීනයේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනී ශානි කල්‍යානරත්න කරුනාරත්න මහත්මිය, විනෝද් මුණසිංහ මහතා, ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ඇතුළු විද්වත් මඩුල්ලක් මෙම වැඩමුළුව ඇමතූ අතර මහාචාර්ය රෝහණ ලක්ශ්මන් පියදාස මහතා එහි මුලසුන හෙබවීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම