ගුවන් ගමන් සඳහා මාර්ගෝපදේශ සපයන නවීන පරිගණක මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කෙරේ
2023-10-11 16:49:19
Share with:

 

ගුවන් යානා මෙහෙයුම් කටයුතුවල දී අතිශය වැදගත් වන ගගන සිතියම් හා තොරතුරු සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ස්ථාපිත නවීන පරිගණක පද්ධතිය විවෘත කෙරේ. ඒ, කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (10) පැවති උත්සවයක දී වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

මෙම තොරතුරු පද්ධතිය සඳහා වැය කෙරුණු මුදල රුපියල් බිලියන 1.2 කි.

ආරක්ෂිත, ලාභදායී සහ කාර්යක්ෂම ගුවන් ගමනකට අත්‍යවශ්‍ය තොරතුරු පරිශීලනය කරන ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකවරුන් සහ ගුවන් සමාගම් යන පාර්ශ්වයන්ට තත්ත්වයෙන් උසස් තොරතුරු ලබාදීමට මෙම පරිගණක මෙහෙයුම් පද්ධතියෙන් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, ප්‍රංශයේ Thales සමාගම විසින් නිපදවන ලද Top Sky AIM System නම් පරිගණක පද්ධතිය ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අද (11) සිට යොදාගැනෙන බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම