‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ මගින් ගෙන එන නව ගෝලීය අවස්ථා
2023-10-11 10:44:13
Share with:

" ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ 10 වැනි සංවත්සරය: ගෝලීය දකුණ සඳහා අවස්ථා" මැයෙන් ලිපියක් ආර්ජන්ටිනාවේ එල් ටෙම්පෝ අන්තර්ජාල වෙබ් අඩවියේ පල කෙරේ.

මෑතකදී බෙයිජිං හිදී  පැවැත්වෙන තුන්වන "එක් තීරයක් එක් මාවතක්" ජාත්‍යන්තර සහයෝගීතා නායක සංසදය පිළිබඳව ඉන් විස්තර කර ඇත.

මේ වන විට 30කට වැඩි රටවල හා 30කට වැඩි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතවරුන් එම සංසදයට සහභාගි වීම සනාථ කර ති‍බේ. "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමෙන් පසු ගෙවුනු වසර 10 තුළ ඉන් ලද ප්‍රායෝගික ප්‍රතිඵල ලෝක තිරසර සංවර්ධනයට උපකාරී වී තිබේ.

වසර 10කට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා "සේද මාවතේ ආර්ථික තීරය" සහ "21 වැනි සියවසේ මුහුදු සේද මාවත" පොදුවේ ගොඩනැගීම යෝජනා කළේය. 2023 ජූනි මස අවසන් වන විට රටවල් 150 කට වැඩි ප්‍රමාණයක් සහ ජාත්‍යන්තර සංවිධාන 30 කට වැඩි ප්‍රමාණයක් "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම සඳහා 200 කට වැඩි සහයෝගිතා ගිවිසුම් අත්සන් කර ඇත. චීන-ලාඕස දුම්රිය, ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රිය, සහ Piraeus වරාය වැනි සංකේතවත් ව්‍යාපෘති ගණනාවක් ඒ ය‍ටතේ ක්‍රියාත්මක කර ඇත. චීනය සහ එම වැඩපිළිවෙළ සම ගොඩනැංවීමේ රටවල් අතර සමස්ත ආනයන හා අපනයන පරිමාව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19.1 දක්වා ළඟා විය. පසුගිය වසර දහය තුළ, "එක් තීරයක් එක් මාවතක්" සම්බන්ධ මිතුරු කවය වඩාත් පුළුල් වී ඇත.

චීනය ඊයේ(10) “‘එක් තීරයක් එක් මාවතක්’පොදුවේ ගොඩනැගීම-පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ දැවැන්ත ක්‍රියාවලිය”නමැති ධවල පත්‍රිකාව නිල වශයෙන් නිකුත් කළේය. ඉන්“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ සාර්ථකත්වයේ කරුණු හෙළි විය.

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම, චීනයේ සංවර්ධනය සඳහා පමණක් නොව, ලෝකයේ සංවර්ධනයට වැදගත්ය. මෙම මුල් අභිප්‍රාය ගෝලීය සංවර්ධන ගැටළු විසඳීමට චීන විසඳුමක් සපයා ඇති අතර එහි සාර්ථකත්වයට වඩාත්ම සෘජු හේතුව ද එය වේ. එසේම වඩාත්ම වැදගත්කම නම්, මෙම වැඩපිළිවෙළ හරහා, ඊට සම්බන්ධ රටවල ජනතාව අන්‍යෝන්‍ය අවබෝධය හා සන්නිවේදනය ගැඹුරු කොට ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීමයි.

භූ දේශපාලනික ගැටුම් අඛණ්ඩව පවතින අතර ලෝක ආර්ථික ප්‍රකෘතිය මන්දගාමී වී ඇති අවස්ථාවකදී, “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ චීනයට හා ලෝකයට නව අවස්ථා කවුළුවක් විවෘත කරනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම