අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
2023-10-11 15:07:09
Share with:

පවතින අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලු ම අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග ඊයේ (10) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ගංවතුරෙන් හානි වී ඇති සියලු මාර්ග පිළිසකර කරන ලෙස ද වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම