“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ අන්තර් සම්බන්ධිත ලෝකයකට සාර්ථක ප්‍රවේශයක් - කථිකාචාර්ය සුරේෂ් නාලක
2023-10-11 10:18:41
Share with:

2013 වසරේ ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ” ආරම්භ විය. චීනය ලොව අනෙකුත් රටවල් සමග වෙළඳ මාර්ග ඔස්සේ සම්බන්ධ වීම හරහා ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා නිර්මාණය කර ගැනීමට චීනයට මෙමගින් අවස්ථාවන් නිර්මාණය වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශයේ කථිකාචාර්ය සුරේෂ් නාලක මහතා පවසයි. මෙම වැඩපිළිවෙළට වසර 10ක් ගත වන මොහොතක මේ පිළිබඳ ලෝකයේ වැඩි අවධානයක් යොමු විය යුතුය. රටවල යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීමටත්, චීනයට සහ සෙසු හවුල්කාරී රටවල‍ට ස්වාධීන වෙළඳපළක් ගොඩනඟා ගැනීමට මෙන්ම තාක්ෂණික හැකියාවන් හුවමාරු කර ගැනීමට ද ‍මෙම වැඩපිළිවෙළ ඔස්සේ හැකියාව ලැබී ඇත.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ, හවුල්කාර රටවල දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ ආර්ථික සුබසාධනයේ සැලකිය යුතු වර්ධනයක් අත් කර දීමට ද දායක වී ඇත. මෙය කලාපයේ රටවලට පමණක් නොව ව්‍යාපාරික සමාගම් වෙනුවෙන් ද නව අවස්ථා නිර්මාණය කර දී තිබීම විශේෂත්වයකි.

ෂී ජින්පිං මහතාගේ මඟපෙන්වීම යටතේ ඉදිරියට යන මෙම සංවර්ධන වැඩසටහන කලාපීය ආර්ථිකවල විනිවිදභාවය ඉහළ නැංවීමට, වෙළඳ අවස්ථා පුළුල් හා සාධාරණය ලෙස පැවතීමට සහ ණය තිරසරභාවය සුරක්ෂිත කිරීමට ඉවහල් වී ඇත. විවිධ අභියෝග පැවතුන ද කලාපීය සංවර්ධනය ගොඩනැඟීමේදී “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ කාර්යභාරය අගය කළ යුතුය. අන්තර් සම්බන්ධිත ලෝකයක් ලෙස ඉදිරියට යාමේදී මෙවැනි ව්‍යාපෘතීන් විශාල දායකත්වයක් ලබා දෙන බව ද කථිකාචාර්ය සුරේෂ් නාලක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම