එක්සත් ජාතීන්ගේ කවුන්සලයේ නව සාමාජික රටවල් තෝරා ගැනේ
2023-10-11 09:54:58
Share with:

78 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඡන්ද විමසීමත් මගින් චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් 15ක් ‍‍තෝරා කර ගනී. මේ වසරේ අගදී නිල කාලය අවසන් වන සාමාජික රටවල් වෙනුවට එම රටවල් 15 එ‍ලෙස පත්ව ඇත.

ඒ අනුව චීනය, ඉන්දුනීසියාව, ජපානය, කුවේට්, කොට් ඩිවොයෙරේ, බුරුන්ඩි, ඝානාව, මලාවි, ඇල්බේනියාව, බල්ගේරියාව, බ්‍රසීලය, කියුබාව, ඩොමිනිකා, ප්‍රංශය හා නෙදර්ලන්තය ඇතුළු රටවල් 15ක් මෙවර මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවලට ඇතුළත් වෙයි. එම රටවල නිල කාලය ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට වසර 3කි.

චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් අතරට එක්වූ 6 වැනි අවස්ථාව මෙය ය. එම කවුන්සලයේ සාමාජික රටවල් බවට පත් වීමේ වැඩි ම අවස්ථා සහිත රටවලින් එකක් බවට චීනය පත්ව ඇත. 2006 වසරේ සිට 2012 වසර දක්වා, 2014 වසරේ සිට 2016 වසර දක්වා, 2017 වසරේ සිට 2019 වසර දක්වා, 2021 වසරේ සිට 2023 වසර දක්වා යන කාලය තුළ චීනය මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටක් ලෙස ක්‍රියාත්මක කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම