ඇෆ්ගනිස්ථාන රතු චන්ද්‍රවංක සමාජය වෙත චීනයෙන් හදිසි මුදල් ආධාරයක්
2023-10-10 10:45:24
Share with:

චීනය ඇෆ්ගනිස්ථාන රතු චන්ද්‍රවංක සමාජය වෙත මුදල් ආධාරයක් පිරිනමයි.

ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති කාර්යාලය ඊයේ(09) එරට රතු චන්ද්‍රවංක සමාජයට ඇ.ඩො. ලක්ෂ 2ක හදිසි මානුෂීය මුදල් ආධාරයක් ලබා දුන්නේ ය. මෙම ආධාරය චීන රතු කුරුස සංගමය විසින් පිරිනමා තිබේ. ඇෆ්ගනිස්ථානයේ හේරට් පළාතේ භූ කම්පන සහන කටයතු සඳහා සහාය වීම එහි අරමුණයි.

ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකු වන Bao Xuhui මහතා භූමි කම්පාවෙන් පීඩාවන්ට ලක්වූ ජනතාවට සිය ජන ජීවිත කඩිනමින් පුනරුත්ථාපනය කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරයි.

ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍යංශයේ 3වැනි දේශපාලන දෙපාර්තමේන්තුවේ වැඩ බලන ප්‍රධානී Zakir Ullah මහතා හා එරට රතු චන්ද්‍රවංක සමාජයේ ආර්ථික දෙපාර්තුමේන්තු ප්‍රධානී Shabeer Ahmad Usmani මහතා චීනයේ මෙම මුදල් ආධාරය නිසි කලට සැපයුණු බවත් ඒ පිළිබඳව ස්තුතිවන්ත වන බවත් ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම