ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදෙසා ජනපතිගෙන් සැලසුම්
2023-10-10 14:50:23
Share with:

මානව සම්පත සහ භූගෝලීය පිහිටීම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය තහවුරු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම සිය අරමුණ බව ද හෙතෙම කියාසිටී.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මහනුවර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය, සෙසු කර්මාන්ත හා සේවා සහතික කරමින් අනාගතයට ගමන් කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදෙසා කැපවිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කරන අතර, නව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපනයට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම