චීන බෞද්ධ දූත පිරිසක් ශ්‍රී ලංකාවට
2023-10-10 14:49:34
Share with:

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් පිරිනමන සම්මාන ගෞරව නාමයක් පිළිගැනීම සඳහා චීනයේ  Fuzhou නගරයේ Baolin  විහාරස්ථානයේ  She Wu Yan නාහිමියන් ඇතුළු බෞද්ධ ගිහි – පැවිදි  දූත පිරිසක් දිවයිනට පැමිණෙති. ඊයේ (09) රාත්‍රී එම පිරිස පැමිණ තිබේ.

මෙම බාඕලින් බෞද්ධ විහාරස්ථානය වසර 1,200 ක් පැරණි මහායාන සෙන් විහාරයකි. She Wu Yan නාහිමියන්ට සම්මාන ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය කොළඹ නාරාහේන්පිට රාමඤ්ඤ මහා නිකාය මූලස්ථානයේ දී ලබන 15  වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම බෞද්ධ දූත පිරිස  භික්ෂූන්  වහන්සේ 08 දෙනෙකු ඇතුළු නියෝජිතයන් 140 කින් සමන්විත වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්ෂූන් වහන්සේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්  විසින් ඔවුහු හරසරින් පිළිගනු ලැබූහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම