Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල සැබෑ චීනය පිළිබඳ මනා අර්ථකථනයකි
2023-10-09 15:02:03
Share with:

 ‘ මෙවර ආසියානු ක්‍රීඩා උළෙල අතිශය අපූර්වත්වයෙන් යුතුව පැවැත්වුණු අතර, පෙර විරූ නොවූ අන්දමේ සාර්ථකත්වයක් අත්පත් කර ගත් ’ බව ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ වැඩබලන සභාපති Raja Randhir Singh මහතා ප්‍රකාශ කළේ ය. ඒ, ඊයේ(08) රාත්‍රියේ චීනයේ Hangzhou නුවර පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වූ අවස්ථාවේ දී යි. ගත වූ දින 16 තුළ, සිය ප්‍රතිඥාව අකුරටම ඉටුකරමින් චීනය ලොව වෙත අලංකාර ක්‍රීඩා සැණකෙළියක් ඉදිරිපත් කර තිබේ. මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩක සංඛ්‍යාව හා තරග ඉසව් සංඛ්‍යාව මෙන් ම සමස්ත පරිමාණය ඓතිහාසික වශයෙන් ඉහළම මට්ටම්වල පැවතීම විශේෂත්වයකි. එපමණක් නොව, ලෝක වාර්තා 15 ක්, සමස්ත ආසියානු වාර්තා 37 ක් මෙන් ම ආසියානු ක්‍රීඩා තරගාවලි වාර්තා 170ක් එහිදී බිඳ හෙළා තිබීම ද කැපීපෙනේ.

එසේ ම, Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේ දී චීනය පිළිබිඹු කළ අධිතාක්ෂණික හැකියා විදෙස් මාධ්‍යයන් හි අවධානය ඉහළින් දිනා ඇත. එසේම, Hangzhou නගරය ‘සුහුරු බව’මනාව සහතික කළ තරගාවලියක් පැවැත්වූ බව ඉතිහාස පොතට එක් ව තිබේ. එහිදී පළ වූ පරිසර හිතකාමී භාවය ද ඉතා ප්‍රශංසනීය බව ජපානයේ Kyodo News වාර්තා කරයි.

ආසියානු ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු, අදාළ සියලු ක්‍රීඩාංගණ ප්‍රශස්ත අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ජනතා අයිතියට පත්කෙරෙනු ඇත. යොවුන් පුහුණු මධ්‍යස්ථාන සඳහා ද ඒවා ලබාදීමට නියමිතයි. Hangzhou හි පැවති උළෙලේ සාර්ථකත්වය ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ප්‍රමිතියක් හඳුන්වා දී ඇතැයි ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ යාවජීව උපසභාපති Wei Jizhong මහතා පැවසීය.

දින16ක් තිස්සේ පැවති Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල ක්‍රීඩවේ ජීවගුණය ප්‍රබල ලෙස විදහා දැක්වුණු අවස්ථාවකි. එසේම, ආසියානු ක්‍රීඩා ඉතිහාසය මෙන්ම ලෝක ක්‍රීඩා ඉතිහාසය ආලෝකවත් කරන මෙවර ක්‍රීඩා උළෙල, සැබෑ චීනය පිළිබඳ විශිෂ්ට අර්ථකථනයක් ලෙස නිසැකව හඳුන්වා දිය හැකි වේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම