ඉදිරි දශකයේ නැගෙනහිර සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙළක් ගෙන එන බව ජනපති කියයි
2023-10-09 16:31:30
Share with:

ත්‍රිකුණාමල නගර සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව චෙන්කලඩි මධ්‍ය විද්‍යාලයේ 149 වැනි සංවත්සර උත්සවයට ඊයේ (8) එක්වෙමිනි.

ත්‍රිකුණාමල නගරය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම හා මඩකලපුව  දිස්ත්‍රික්කය සංවර්ධනය, කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, නිලාවේලි සිට පානම දක්වා සංචාරක කලාපයක් ගොඩනැංවීම ඇතුළු ඉදිරි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විස්තර කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම