ඇෆ්ගනිස්ථානයේ භූමි කම්පා සහන සේවාවන්ට චීන රතු කුරුස සමාජයෙන් හදිසි ආපදා සහාය
2023-10-09 11:09:34
Share with:

ඇෆ්ගනිස්ථානයේ දරුණු භූමි කම්පාවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2445ක් දක්වා ඉහළ යයි.

පසුගිය 7වැනිදා වයඹදිග ඇෆ්ගනිස්ථානයේ සිදු වූ දරුණු භූමි කම්පාවෙන් 2445 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල හා මියගිය අයගේ  සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාස කරන බව එරට බටහිර Herat පළාතේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පැවසීය.

ඇෆ්ගනිස්ථාන රතු චන්ද්‍රවංක සමාජය ඇතුළු සංවිධාන හා ආයතනවල කාර්ය මණ්ඩලය ප්‍රාදේශීය ගම්වැසියන් සමඟ එක්ව ආපදා සහන කටයුතුවල නිරත ව සිටිති.

ඇෆ්ගනිස්ථාන රතු චන්ද්‍රවංක සමාජයේ ආපදා සහන කටයුතුවලට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක හදිසි මානුෂීය මුදල් ආධාර ලබාදීමට චීන රතු කුරුස සමාජය තීරණය කර  තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම