ශ්‍රී ලංකාවට මැලේසියාවේ සහාය
2023-10-09 18:50:55
Share with:

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය හෙවත් RCEP සංවිධානය සමග සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලුමට සහාය දක්වන බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Zambry Abd Kadir මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අරලියගහ මන්දිරයේ දී අද (09) හමු වූ  අවස්ථාවේ යි. 

RCEP වෙත ඇතුළුවීමෙන් අග්නිදිග ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවට සිය ආර්ථික සම්බන්ධතාව ශක්තිමත් කරගත හැකි වෙතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය. ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික වූ මැලේසියානු විදේශ අමාත්‍යවරයා කියාසිටියේ, ශ්‍රී ලංකාව තම රට ඇතුළත් කලාපයට අයත් බව යි. 

සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ ඖෂධ කර්මාන්තය ඇතුළු ශ්‍රී ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍රවලට පිවිසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියානු ව්‍යවසායකයන්ට ආරාධනා කළේය. මැලේසියාව මෑත වසරවල ශ්‍රී ලංකාවේ ඉහළම හයවැනි ආයෝජන හවුල්කරුවා ද වේ. 

පසුගිය වසරේ මෙරට උද්ගත වූ ආර්ථික අර්බුදයේ දී ලබාදුන් සහයෝගය වෙනුවෙන් අගමැතිවරයා මැලේසියානු රජයට ස්තුතිය පුද කළේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම