‘එක් තීරයක් එක් මාවතක්’යනු ලොවට පොදු යහපත ගෙනෙන තිරසර සැලසුමකි
2023-10-08 11:31:47
Share with:

ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාව සඳහා පුළුල් අවකාශයක් නිර්මාණය කරන‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ලොවට පොදු යහපත ගෙනෙන උපායමාර්ගික සැලසුමක් බව ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක ජයන්ත හේවගේ මහතා කියාසිටී. 2013 වසරේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලොවට හඳුන්වා දුන් මෙය විවිධ සංස්කෘතීන් හිමි රටවල් පොදු අරමුණකින් එක් කර ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

සාමය, සහයෝගිතාව, විවෘතභාවය, අන්‍යෝන්‍ය අධ්‍යයන හා ප්‍රතිලාභ ‘එක් තීරයක් එක් මාවතක්’ ප්‍රතිපත්ති අතර කැපීපෙනේ. මේ නිසාම ආසියානු, අප්‍රිකානු මෙන්ම යුරෝපා කලාපයේ රටවල පිළිගැනීම ද ඊට හිමි ව තිබේ. එම රටවල් රැසක ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මෙහි සාර්ථකත්වය සනාථ කර ඇත. වත්මන් ලෝකයේ කිසිදු රටකට වෙන්ව හෝ හුදකලාව තිරසර ආර්ථික වර්ධනයක් හිමි කර ගැනීම පහසු කාර්යයක් නොවේ. චීනය මේ බව මනාව පසක් කර ගනිමින්, සංවර්ධන මාර්ගයේ ලෝකය හා එක් ව ගමන් කිරීමට තැනූ ස්ථාවර සැලසුමක් ලෙස මෙම වැඩපිළිවෙළ හඳුනාගත හැකිය. එනම් මෙමගින් ජාත්‍යන්තර වෙළඳාම සඳහා පැවති බොහෝ බාධා ඉවත් කරනු ලැබ තිබේ. එසේම මූල්‍යමය සහයෝගිතා මෙන්ම මානව හුවමාරු මෙමගින් සාධනීය ලෙස තහවුරු කර ඇතැයි ද හේවගේ මහතා කියාසිටී.

මේ සියල්ල ම සමගින් එය මානව වර්ගයා උදෙසා පොදු අනාගතයක්, පොදු ඉරණමක් ගොඩනැගීම සඳහා පුළුල් වේදිකාවක් ලෙස ද ක්‍රියා කරයි. ඒ අනුව, මෙම වැඩපිළිවෙළ චීන නායක ෂී ජින්පිං මහතාගේ‘සමස්ත ලෝ වැසියන්ට ඇත්තේ පොදු ඉරණමකි’ යන සංකල්පය ප්‍රායෝගිකව සනාථ කර ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

මේ වසරේ දශක සංවත්සරය සමරන‘එක් තීරයක් එක් මාවතක්’පුළුල් සංකල්පය තවත් දශක ගණනාවක් ලොව රටවල් සහයෝගයෙන් එක්කරනු ඇති බවට ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක ජයන්ත හේවගේ මහතා විශ්වාසය පළකරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම