ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 232 දක්වා ඉහළට
2023-10-08 09:09:33
Share with:

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 1,697 දෙනෙකු තුවාල ලබා ඇති බව ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් 3,000කට ආසන්න ප්‍රමාණයක් එල්ල කළ බවත්, හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයට ඇතුළු වී  ඇති බවත් ඊශ්‍රායල හමුදාව තහවුරු කළේය.

එමෙන්ම ඊශ්‍රායල නිලධාරීන් සහ සොල්දාදුවන් හමාස් සටන්කාමීන් භාරයට ගෙන ඇති අතර ඔවුන් ඊශ්‍රායල හමුදා කඳවුරකට ද ඇතුළු වී තිබේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාතිය අමතමින් ඊශ්‍රායලයේ යුදමය තත්ත්වයක් නිවේදනය කළ අතර සියලු ආරක්ෂක සංචිත බලමුලු ගැන්වීමට ද නියෝග කළේය. එ‍මෙන්ම පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් එරට ප්‍රධාන නිලධාරීන් සමග හදිසි රැස්වීමක් පවත්වා ඇති අතර, ඊශ්‍රායලයෙන් ආරක්ෂා වීමේ පලස්තීන ජනතාවට ඇති අයිතිය ද අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම