රජයේ රෝහල්වලට අලුතින් පියයුරු සායන 30ක්
2023-10-08 18:28:49
Share with:

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ රජයේ රෝහල්වල පියයුරු සායන 30ක් අලුතින් ආරම්භ කෙරේ. පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් සුවනාරී සායන සහ පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානවලට අමතරව මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

පියයුරු පිළිකා වැළඳීම වළක්වා ගත නොහැකි වුවත් කලින් හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව ද, ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරිය සඳහන් කර තිබේ.

2020 වසරේ මෙරට දත්තයන්ට අනුව නව පිළිකා රෝගීන් 37,000කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇත. ඉන් 20,000 කට අධික සංඛ්‍යාවක් කාන්තාවන් වන අතර 26%ක් පියයුරු පිළිකා බව හඳුනා ගැණින. ලෝක තත්ත්වය සැලකීමේදී 2020 වසරේ ලොව පුරා පියයුරු පිළිකා රෝගීන් මිලියන 2.2ක් වාර්තා වී තිබේ. පියයුරු පිළිකා හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 6, 85,000ක්  බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම