ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි
2023-10-08 16:45:46
Share with:

ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජය අද(8) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ(7) වයඹදිග ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවෙන් පුද්ගලයන් 2000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් දස දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත.

වයඹදිග ඇෆ්ගනිස්තානයේ ඊයේ(7) පස්වරුවේ රිච්ටර් මාපකයේ 6.2 ක ප්‍රබල භූකම්පන දෙකක් ඇති විය. ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයේ ජාතික ආපදා කළමනාකරණ සහ මානුෂීය කටයුතු අමාත්‍යාංශය පසුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, විපතට පත් ප්‍රදේශයේ සන්නිවේදන ඇනහිටීමක් හේතුවෙන්, අදාළ වාර්තා මෙතෙක් තමාට ලැබී නොමැති අතර, ජීවිත හානි සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම