රට ඩිජිටල් කරන්න තව සතියකින් මුල් පියවර තබයි
2023-10-08 18:27:06
Share with:

ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන  ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙන අතර එය 2030 වන විට 15% ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය. ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලැස්ම මගින් හැකි වන බවත්, ඒ හරහා ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා  සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම