ඇමරිකාවේ මෝටර් රථ සේවක වැඩවර්ජනය අඛණ්ඩ ව
2023-10-08 11:11:54
Share with:

ඇමරිකාවේ මෝටර් රථ සේවක වැඩවර්ජනය අඛණ්ඩ ව ක්‍රියාත්මකයි.

ඊයේ(07) වනවිට මෝටර් රථ සේවක වැඩවර්ජනය  සිව්වන සතියට පිවිස ඇත. එරට මෝටර් රථ සේවක සංගමයේ සභාපති Shawn Fain සහ සෙසු සේවක සංගම්වල ප්‍රධානීහූ Chicago හිදී ජනරැළියක් පවත්වා සේවක සංගම්වලට එක්ව සිටින සාමාජිකයන් ගෙන් වැඩවර්ජනය අඛණ්ඩ ව පවත්වා ගෙන යන ලෙස ඉල්ලීමක් කළහ. මෙමගින් එරට මෝටර් රථ නිෂ්පාදකයන්ට තවදුරටත් පීඩා එල්ල කිරීමට අපේක්ෂා කෙරේ.

GM, FORD, STELLANTIS යන ඇමරිකාවේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයන්ට කම්කරුවන් විසින් ඉදිරිපත් කෙරුණු වැටුප්, විරැකියා රක්ෂණය හා වෛද්‍ය රක්ෂණය වැඩි කිරීමේ ඉල්ලුම් සපුරාලීමට නොහැකි වී ඇති බැවින් එරට මෝටර් රථ සේවක සංගමය පසුගිය 15වැනි දා සිට වැඩවර්ජනයක් ආරම්භ  කර තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම