අයහපත් කාලගුණයෙන් 53,399ක් බලපෑමට ලක් වෙති
2023-10-07 16:12:04
Share with:

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 12ක පවුල් 13,027ක පුද්ගලයින් 53,399ක් බලපෑමට ලක්ව තිබේ. ඊයේ (6) සිය දෛනික තත්ව වාර්තාව නිකුත් කරමින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය මේ බව සඳහන් කළේය.

මේ වන විට අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මරණ හයක් වාර්තා වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 20කි. පූර්ණ නිවාස හානි 5ක් සහ  අර්ධ නිවාස හානි 720ක් වාර්තා වී ඇත. ආරක්ෂිත ස්ථාන 16ක පවුල් 381ක පුද්ගලයෝ 1556ක් රැඳී සිටිති. කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ තෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ද නිකුත් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම