මෙවර ජාතික දින නිවාඩුවේ ජනතා උද්‍යෝයෙන් චීන ආර්ථික ප්‍රකෘතිය විද්‍යාමාන වේ
2023-10-07 21:38:17
Share with:

                 

චීනයේ සාම්ප්‍රදායික උත්සවයක් වන මැද සරත් සෘතු උත්සවය සහ චීන ජාතික දිනය‍ වෙනුවෙන් පසුගිය දිනවල දීර්ඝ නිවාඩු සමයක් ප්‍රකාශයට පත් කෙරිණ.එම කාලයේ චීන පාරි‍‍භෝගික වෙළඳ පොලේ ඉතා උණුසුම්කාරී ස්වභාවයක් දක්නට ලැබිණ. මෙවර ජාතික දින නිවාඩු සමය, වසර 3ක් පුරා පැවති කොවිඩ් වසංගත තත්ත්වයෙන් නිදහස් වීමෙන් පසු චීනයට උදා වූ පළමු ජාතික දින සමයයි. මෙවන් දීර්ඝ නිවාඩුවක් හමුවේ වසංගතයෙන් දිගු කලක් පීඩා විඳි චීන ජනතාව තුළ පෙර නොවූ විරූ පාරිභෝගික උද්‍යෝගය ජනිත විය. මෙවර ජාතික දින නිවාඩුව පිළිබඳ චීන රජය නිකුත් කළ නවතම සංඛ්‍යා ‍ලේඛනවලින් එම පාරිභෝගික උද්‍යෝගය තහවුරු වී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ගෙවුණු වසර තුනකට වැඩි කාලයක් තුළ ‍ගෝලීය ආර්ථිකය පසු වී ඇත්තේ මන්දගාමී තත්ත්වයකයි. චීන ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින්නේත් වේගයෙන් නොවේ. චීන ආර්ථිකය විවිධ ගැටළුවලට මුහුණ දෙමින් තිබෙන බව ඇතැම් මතයන් පළ වී ඇත. එහෙත් මෙවර චීන ජාතික දින නිවාඩු සමයේ ඉස්මතු වූ පාරිභෝගික උද්‍යෝගය, චීන ආර්ථිකය ස්ථාවර ව ප්‍රකෘතිමත් වීමේ වැදගත් ලකුණක් ලෙස සැලකිය හැකි බව පිළි ගැනේ. ඉතා බැරෑරුම් බාහිර පරිසරය හමුවේ වුව ද චීන ආර්ථිකය නම්‍යශීලි හා ජවසම්පන්න ලෙස වර්ධනය වෙමින් පවතින බව විවිධ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා ප්‍රකාශ කළේ මෑතකදී නිකුත් කෙරුණු සංඛ්‍යා ලේඛනවලින් චීන ආර්ථික ප්‍රකෘතිය ස්ථාවර ව පවතින බව තහවුරු වී ඇති බවයි. Citigroup හා Goldman Sachs ඇතුළු ජාත්‍යන්තර සංවිධාන චීනයේ පූර්ණ-වාර්ෂික ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථනය ද ඉහළ දමා තිබේ. මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ චීන ආර්ථික ප්‍රකෘතිය කෙරේ ජාත්‍යන්තර වශයෙන් පවතින විශ්වාසය තව තවත් වැඩි වන බවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම