යුරෝපා සංගම් නායකයෝ සිය අනාගත උපාය මාර්ග සහ ප්‍රසාරණය පිළිබඳව සාකච්ඡා කරති
2023-10-07 09:37:17
Share with:

 යුරෝපා සංගම් නායකයෝ සිය අනාගත උපාය මාර්ග සහ ප්‍රසාරණය පිළිබඳව එක් දින නිල නොවන සමුළුව නිම කරති. ස්පාඤ්ඤයේ ග්‍රනඩා නගරයේ පැවති සමුළුවෙන් අවසානයේ ග්‍රනඩා ප්‍රකාශනය ද සම්මත කෙරිණ.

“සියල්ලන්ගේම ප්‍රතිලාභ උදෙසා  පොදු අනාගතය හැඩගැස්වීම වෙනුවෙන් උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් සකස් කරමින් ඉදිරි වසර කිහිපය සඳහා සංගමයේ  දේශපාලන දිශාවන් සහ ප්‍රමුඛතා නිර්වචනය කිරීමේ ක්‍රියාවලියේ ආරම්භය සනිටුහන් කිරීමට”යුරෝපා නායකයන් දකුණු දිග ස්පාඤ්ඤයට රැස්වූ බව එම ප්‍රකාශනය සඳහන් කරයි.

යුරෝපා සංගම් ප්‍රසාරණය, රාජ්‍යයන් දේශපාලන හා ආර්ථික කොන්දේසි මාලාවක් සපුරාලීමෙන් පසුව එම කණ්ඩායමට එක්වන ක්‍රියාවලියයි. වර්තමානයේ , යුක්රේනය සහ මෝල්ඩෝවාව ඇතුළු රටවල් අටකට අපේක්ෂක තත්ත්වය ලබා දී තිබේ. එහෙත් එම සෑම රටක්ම යුරෝපා සංගමය සමඟ සමීප වීමේ දී විවිධ ක්‍රියාවලීන් අනුගමනය කරන බව ද එහි දැක්වේ.

යුරෝපා සංගම් නායකයෝ සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳව ද සාකච්ඡා කළහ. කෙසේ වෙතත්, සාමාජික රටවල් අතර ඇති බෙදීම් හේතුවෙන් සමුළු ප්‍රකාශනය තුළ සංක්‍රමණයන් පිළිබඳ ව සඳහන් කර නොමැත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම