විභාග දින හිතුමතේ වෙනස් කිරීමට නොහැකි නීතියක්
2023-10-07 16:13:57
Share with:

අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග 2025 වසරේ සිට නියමිත කාලයේ දී පැවැත්වීමට සැලසුම් කෙරේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට මේ පිළිබඳව උපදෙස් ලබාදී තිබේ. දැනට තීරණය කොට ඇති ආකාරයට මේ වසරේ විභාග පවත්වන ලෙසත් 2024 වසරේ විභාග ද ඒ වසරේම පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් වල සඳහන්ය.

එමෙන්ම විභාග නිසි කලට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු නීතියකින් ම කටයුතු සම්පාදනය කරන ලෙසත් ඒ අනුව දේශපාලන අධිකාරියට හෝ වෙනත් කිසිවකුට එය වෙනස් කිරීමට ඉදිරියේ දී නොහැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම