ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා පදක්කම් 4යි
2023-10-06 16:32:25
Share with:

චීනයේ හන්ජෝ නුවර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ(05) නිමාවට පත් විය. ලංකා නියෝජනය පෙරේදා(4) අවසන් වූයේ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනි.

මලල ක්‍රීඩාවට අමතරව ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ද දිනාගත් අතර, ඒ අනුව මෙවර ක්‍රීඩා උලෙළේදී මේ වන විට දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 5කි. ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාව පදක්කම් 5ක් හෝ ඊට වැඩියෙන් දිනාගත්තේ වසර 21කට පසුව වීම විශේෂත්වයකි. මෙවර ක්‍රීඩා උලෙළේදී කැපී පෙනෙන ශ්‍රී ලාංකිකයා බවට තරුෂි කරුණාරත්න පත්වූවාය. ආසියානු ක්‍රීඩා උලෙළ, ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ආසියානු කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලිය යන තරගාවලි ත්‍රිත්වයේදීම මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි සමත් වූ අතර, එවැනි දස්කමක් කළ පළමු ආසියානු ක්‍රීඩිකාව බවට ද ඇය පත්ව සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම