ඇමරිකාවේ විශාලතම සෞඛ්‍ය සේවා වර්ජනය අඛණ්ඩව
2023-10-06 15:28:21
Share with:

සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පිළිබඳ කනස්සල්ල ඉහළ නංවමින් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සෞඛ්‍ය සේවා වර්ජනයේ දෙවන දවස ඊයේ (5) වාර්තා විය.

කැලිෆෝනියා, කොලරාඩෝ, වොෂින්ටන් සහ ඔරිගන් ප්‍රාන්ත පදනම් කරගත් කම්කරුවන් 75,000කට වැඩි පිරිසක් ඉහළ වැටුප් සහ ප්‍රතිලාභ මෙන්ම සේවක හිඟය සපුරන ලෙස ඉල්ලා රට පුරා විරෝධතාවන්හි නිරතව සිටිති.

වැටුප් වැඩිකිරීමේ ආරවුලක් හේතුවෙන් වෘත්තීය සමිති නායකයින් සහ විධායකයින් අතර සාකච්ඡා පසුගිය 4 වැනිදා බිඳ වැටී තිබේ.

තෙදින වැඩවර්ජනය සෙනසුරාදා අවසන් වුවද ඒ වන විට නව කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹීමට නොහැකි වුවහොත් ලබන මාසයේදී “තවත් දීර්ඝ හා ශක්තිමත්” වැඩවර්ජනයක් පවත්වන බව ඒකාබද්ධය ප්‍රකාශ කර ඇත.

දකුණු කැලිෆෝනියාවේ රෝහල් සංගමයේ දත්ත වලට අනුව දේශීය රෝහල් අතර හෙද පුරප්පාඩු අනුපාතය සියයට 30 ඉක්මවන අතර පූර්ව වසංගත අනුපාතය සියයට 6 කි.

ජාතික වෛද්‍ය පුස්තකාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෑත කාලීන අධ්‍යයනයකට අනුව, විභව අධ්‍යාපනඥයින් නොමැතිකම, ඉහළ පිරිවැටුම සහ අසමාන ශ්‍රම බලකාය බෙදාහැරීම ඇතුළු විවිධ හේතු නිසා ඇමරිකාවේ හෙද වෘත්තිය අඛණ්ඩව හිඟයකට මුහුණ දී සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම