විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මාස අටට රු.කෝටි 123,600ක්
2023-10-06 16:33:19
Share with:

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණයන්හි වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ මුල් මාස අටක කාලයේදී එහි වටිනාකම රුපියල් කෝටි 123,600ක් (අමෙරිකානු ඩොලර් මිලියන 3,863) බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි.

එය පසුගිය වසරේ සිදුකර තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 2,215ට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. තාවකාලික දත්ත මත පදනම්ව මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 311,056කි.

මේ වසරේ අගෝස්තු මාසයේදී සංචාරක පැමිණීම් 136,405ක් වූ අතර ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,304ක් ලෙස වාර්තා වේ. මේ කාලපරිච්ඡේදය තුළ වැඩිම සංචාරක ඉපයීම් ප්‍රමාණයක් වාර්තා වූ රටවල් අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ රුසියාව ප්‍රධාන වෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම