පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වන බව ජනපති පවසයි
2023-10-06 16:31:28
Share with:

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීම යන පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

කොළඹ පැවති ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ 05 වන සැසිවාරය ඊයේ (05) අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඉරානයේ උප ජනාධිපති හා ඉරානයේ පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අලි සලාජෙග් (Ali Salajegheh) මහතා ද මෙම සමුළුවට එක් විය. දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ හා සමගාමීව පැවැත්විණ.

රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනිකුත් පාර්ශ්වකරුවන්ට කලාපයේ පරිසරික ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව සලසා දෙමින් 2024 පෙබරවාරි 24 සිට මාර්තු 1 දක්වා නයිරෝබි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ (UNEA) හයවන සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්ව මෙම සැසිය සංවිධානය කර තිබිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම