මාර්ගගත ආරක්ෂණ කෙටුම්පතින් ඩිජිටල් අපචාරවලින් ළමයින් මුදා ගැනීමේ ක්‍රමවේදය එළිදකී
2023-10-05 16:53:30
Share with:

ඩිජිටල් ක්‍රම මඟින් අපචාරවලට ගොදුරු වීමෙන් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රම ඇතුළත් මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම 03 වැනිදා ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පසුගිය අප්‍රේල් 19 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවීය.

ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ පැවති සාකච්ඡාවලින් පසු කමිටුව නිර්දේශ 21ක් ඉදිරිපත් කර ඇත.

ළමයින් සඳහා ශාරීරික දඬුවම් තහනම් කරමින් නීති සම්පාදනය කළ යුතු බවත් දරුවන් සම්බන්ධයෙන් වන අධිකරණ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට නියමිත බවත් කමිටුව අවධාරණය කරයි.

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 602ක් තුළ ළමයින් සඳහා වෙනම ඒකක පිහිටුවීමටත් පළාත් නවය තුළ ළමා පියස ඒකක 9ක් පිහිටුවීමටත් මෙම කමිටුව නිර්දේශ කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම