ඇමරිකානු දේශපාලනයේ නොසන්සුන් බව සමාජය දරුණු ඉරා දැමීමකට ලක් කරනු ඇතැයි එරට විශේෂඥයින් මත පළ කරයි
2023-10-05 15:44:19
Share with:

මස 9ක් පමණ රාජකාරී කටයුතු කිරීමෙන් පසු ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති එම ධුරයෙන් නෙරපා හරිනු ලැබිණ.පසුගිය 3 වැනි දා රිපබ්ලිකන් පක්ෂය පාලනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී ඔහු ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 216ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබුන ඡන්ද සංඛ්‍යාව 210කි. එහිදී ඔහු කථානායක ධුරයෙන් ඉවත් කෙරිණ.දේශපාලන පක්‍ෂ දෙක සහ පක්‍ෂ අභ්‍යන්තරයේ කණ්ඩායම් අතර අරගලය උග්‍ර වී ඇමරිකානු දේශපාලනයේ නොසන්සුන් බව සමාජය දරුණු ඉරා දැමීමකට ලක් කරනු ඇතැයි ඇමරිකාවේ ඒ ඒ ක්ෂේත්‍ර කනස්සල්ලට පත්ව සිටී.

ඇමරිකානු ඉතිහාසය තුළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා ඉවත් කිරීමේ යෝජනාව දුර්ලභව දැකිය හැකි දෙයකි. එහි දී ප්‍රථම වරට ඉවත් කළ කථානායකවරයා කෙවින් මැකාති ය.

විශ්ලේෂකයින්ට අනුව,ඇමරිකානු දේශපාලන පක්ෂ අතර දරුණු විරුද්ධත්වය සහ පක්ෂය තුළ කන්ඩායම් අරගලය උග්‍ර වීම කෙවින් මැකාතිගේ ඉවත් කිරීමට වැදගත් හේතු විය.

එමෙන්ම, ඇමරිකනු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වත්මන් බල සැකැස්මට අනුව රිපබ්ලිකන් පක්ෂය තුළ කණ්ඩායම් ගැටුම් මෙවර ඡන්දයට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. කෙවින් මැකාතිගේ ප්‍රතිපත්ති ප්‍රශ්න මත මූලධර්ම නොමැති බවත් ඔහු ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි "දුර්වල" හෝ "අවස්ථාවාදී" ව සලකන බවත් රිපබ්ලිකන් පක්ෂයේ අන්ත-ගතානුගතිකයින් සැමවිටම විශ්වාස කළහ. 

පක්ෂ ගැටුම් හේතුවෙන් අන්ත-ගතානුගනිකයන් සුළු පිරිසකට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා තෝරා ගැනීමට බලපෑම් කළ හැකිය‍.එය වත්මන් ඇමරිකානු දේශපාලනයේ රෝග ලක්ෂණයකි.දේශපාලන ධ්‍රැවීකරණය උග්‍ර වීමෙන් ඇමරිකාව අඩපණ කළ හැකි බවත්, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය "සෘණ ඉගැන්වීමේ ආදර්ශනයක් " බවට පත්ව ඇති බවත් ප්‍රංශ දේශපාලන විද්‍යාඥයෙකු, Montaigne ආයතනයේ විශේෂ උපදේශකයෙකු වන Dominique Moïsi පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම