ගෝලීය ගුරු හිඟය ලිහිල් කරන ලෙස UNESCO සංවිධානය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී
2023-10-05 15:41:28
Share with:

අද ලෝක ගුරු දිනයයි. එක්සත් ජාතීන්ගේ UNESCO සංවිධානය මෑතකදී නිකුත් කළ දත්තවලට අනුව, ලෝකයේ ගුරුවරුන් මිලියන 44 ක පිරිසක් ඉහළ නැංවීමෙන් 2030 වසරේ ගෝලීය වශයෙන් ප්‍රාථමික හා මධ්‍යම පාසල් අධ්‍යාපන පූර්ණ සැපයීම පිළිබඳ ඉලක්කය ඉටු කළ හැකිය. ගුරු ස්ථාවරය ඉහළ නංවා ගෝලීය ගුරු හිඟය ලිහිල් කිරීම සඳහා  එම සංවිධානය යෝජනා 7ක් ඉදිරි පත් කර ඇත. 

නව ගුරු පුහුණුව සහ ගුරු වෘත්තීය සංවර්ධන ව්‍යාපෘති සඳහා සක්‍රීය ලෙස ආයෝජනය කිරීම, උපදේශන වැඩසටහන් ස්ථාපිත කර ගුරුවරුන් අතර සහයෝගීතාවය දිරිමත් කිරීම, ගුරුවරුන්ගේ වැටුප්, සුබසාධන සහ උසස්වීම් අවස්ථා තරඟකාරීත්වය සහතික කිරීම සිදු කළ යුතු ය. එමෙන්ම ගුරුවරුන්ට ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීම සහතික කළ යුතු ය. සාධාරණ සේවා කාලයක් සකස් කිරීම හා බලපෑම් හා මානසික ගැටළු සඳහා සාර්ථකව මුහුණ දීමට ගුරුවරුන්ට සහාය ලබා දීමට ද ක්‍රියා කළ යුතු වේ. ගුරුවරුන්ට සේවය කිරීම සඳහා ශක්තිමත් පාසල් නායකත්වයක් ගොඩනගා ධනාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කළ යුතු බව ද ඊට ඇතුළත් ය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම