වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න-එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත
2023-10-05 15:46:25
Share with:

වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතයා ඉල්ලීමක් කරයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානයන්හි චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා ඊයේ(4) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේදී දේශනයක් කරමින් මෙම ඉල්ලීම කළේය.

සියලුම වැඩිහිටියන්ට ප්‍රීතිමත් හා තෘප්තිමත් වියපත් දිවියක් ගත කිරීමට හැකි වන පරිදි සමාජ ආරක්ෂණය පරිසමාප්ත කොට වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන ලෙස Chen Xu මහතා එහිදී ඉල්ලා සිටියේය.

හෙතෙම එම දේශනයෙන් යෝජනා තුනක් ඉදිරිපත් කළේය. පළමුවැන්න, සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කරමින් වයස්ගත ජනගහනයට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීමයි. දෙවැන්න, වැඩිහිටි සත්කාර සේවා පද්ධතිය වැඩිදියුණු කරමින් වැඩිහිටියන්ගේ සුභ සෙත සැලසීමයි. බාධකවලින් තොර පහසුකම් සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් වැඩිහිටියන්ගේ විවිධ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කොට ආරක්ෂා කිරීම තෙවැන්නයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම