එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති ධුරයෙන් නෙරපයි
2023-10-04 15:23:31
Share with:

රිපබ්ලිකන් අභ්‍යන්තර ගැටුම් මධ්‍යයේ කෙවින් මැකාති එක්සත් ජනපද කථානායක ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාවක් ඊයේ(3) අනුමත විය.

ෆෙඩරල් ආණ්ඩුව වසා දැමීම වැළැක්වීම සඳහා පරතරය අවම කිරීමේ පොලී අරමුදල් පනතක් සම්මත කිරීමට මැකාති ඩිමොක්‍රටික් ඡන්ද මත විශ්වාසය තැබීම මීට හේතු වී තිබේ. ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව සඳහා රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු ඡන්දය භාවිත කර ඇත.

දැඩි මතධාරී රිපබ්ලිකන් නියෝජිත Matt Gaetz මැකාති ඉවත් කිරීමට යෝජනාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට අඩු කාලයකට පසුව "ඉවත් වීමේ යෝජනාවක්" ලෙස හඳුන්වනු ලබන ක්‍රියාවලියක් හරහා ඡන්ද විමසුම සිදු කෙරිණ.

Matt Gaetz සහ අනෙකුත් දැඩි මතධාරී රිපබ්ලිකානුවන් සති ගණනාවක සිට අනතුරු අඟවා තිබුණේ අරමුදල් නීති සම්පාදනය කිරීමට මැකාති ඩිමොක්‍රටිකයන් මත විශ්වාසය තැබුවහොත් කථානායක ධුරයෙන් නෙරපා හැරීමට පියවර ගන්නා බවයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම