ගෝලීය ආර්ථීක පරිපාලනය සම්පූර්ණ කරන ලෙස චීන නියෝජිතයා ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2023-10-04 18:22:08
Share with:

ගෝලීය ආර්ථීක පරිපාලනය සම්පූර්ණ කරන ලෙස චීන නියෝජිතයා ජගත් ප්‍රජාවෙන්  ඉල්ලා සිටී. 

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Geng Shuang මහතා ඊයේ (3) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ, ආර්ථීක හා මුල්‍ය කමිටුව හෙවත් 2 වන කමිටු  විවාදයේදී  මේ බව ප්‍රකාශ කළේය.චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් හෙතෙම සාධාරණ හා යුක්තිය ස්ථීරව අනුගමනය කර ගෝලීය ආර්ථීක පරිපාලනය සම්පූර්ණ කරන ලෙස ජගත් ප්‍රජාවෙන් ඉල්ලිමක් කළේය. 

වර්තමානයේ ලෝක ආර්ථීක පුනරුත්ථාපනය දුර්වලව පවතින අතර භූගෝලීය ගැටුම්වලින් සෘණාත්මක බලපෑම් අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී. ඒකපාර්ශ්විකවාදය, ආරක්ෂණවාදය වර්ධනය වීම නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල බාහිර අර්බුද අඛණ්ඩව උග්‍ර වෙමින් පවතින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මුල්‍ය රාමුව ප්‍රතිසංස්කරණය ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ගෝලීය ආර්ථීක පරිපාලනය තුළ නියෝජිකත්වය හා හඬ තහවුරු කළ යුතු ය. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු ය.  සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා වැඩි අනුබල ලබා දී උතුරු-දකුණු භේදය සහ ගෝලීය සංවර්ධන හිඟය අඩු කිරීම සඳහා, වගකිවයුතු මුදල් හා මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස ද නිල සංවර්ධන ආධාර ප්‍රතිඥා ඉටු කරන ලෙස ද සංවර්ධිත රටවල් පෙළඹවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Geng Shuang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම