ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂවරයා සහ අගමැති අතර හමුවක්
2023-10-04 18:20:58
Share with:

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය ආදී ක්ෂේත්‍රවලට අදාලව නව ව්‍යාපෘති ඇරඹීම සඳහා ආයෝජනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadono මහතා ඊයේ(3) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී හෙතෙම මෙම යෝජනාව ඉදිරිපත් කළේ ය.

විශේෂයෙන් මෙරට දුම්රිය සේවය සම්බන්ධයෙන් වූ නව ව්‍යාපෘති කෙරෙහි අවධානයක් යොමු කරන ලෙස ද අග්‍රමාත්‍යවරයා සඳහන් කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව මගින් දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම, පුද්ගලික අංශයේ සංවර්ධනය කිරීම, රාජ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සමාජ ආරක්ෂණය, සාධාරණ ප්‍රවේශය, සෞඛ්‍යය, දේශගුණය සහ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම වැනි ක්ෂේත්‍ර ආවරණය කෙරේ.

ව්‍යාපෘතිවල ප්‍රගතිය අධ්‍යයනය කිරීමට සහ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමට ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කළ නව ව්‍යාපෘති පිළිබඳව සලකා බැලිය හැකි බවත් Takafumi Kadono මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම